![]() ![]() |
![]() ![]() |
![]() ![]() |
1965 වන විට ළමුන් සංඛ්‍යාව 300 දක්වාත් ආචාර්ය මණ්ඩලය 10 දක්වාත් පන්ති ප්‍රමාණය අ.පො.ස.( සා.පෙළ) දක්වාත් වර්ධනය විය.
පාසලට දෙවන ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ලැබීම ඒකනායක විදුහල්පතිතුමාගේ කාලයේ දී සිදු විය.
1978 පමණ වන විට තුන්වන ගොඩනැගිල්ලක් ද , ළමුන් සංඛයාව 500 ඉක්මවා ද පාසල මිහින්තලා ආසනයේ හොදම විද්‍යාලය ලෙස ද උතුරු මැද පළාත තුළ බුහුමන් ලෑබී ය.
1987 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) කලා විෂය ධාරාවෙන් පන්ති ආරම්භ විය.1999 තෙක් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් වූ මෙම විද්‍යාලය 1999 ජුලි මස සිට අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ව නාච්චාදූව අධ්‍යාපන කොට්ඨාශයට පවරන ලදී.
වර්ෂ 2001 පමණ වන විට විවිධ අංශයන්ගෙන් කුසලතා දක්වන සිසු පිරිසකට දයාබර මවක් වීමට නාච්චාදූව සිංහල මහා විද්‍යාලය සමත් වූවා ය.2005 වර්ෂයේ පරිගණක විද්‍යාගාරයක් ලැබීමෙන් විදුහල් මෑණිය තව තවත් පෝෂණය වූවා ය.වර්තමානය වන විට එනම් 2019 වර්ෂයේ දී අ / නාච්චාදූව සිංහල මහා විද්‍යාලය සුවිශේෂතා රාශියක් සමග පළාතේ අනෙක් බොහෝ පාසල් පරයමින් ඉදිරියට යමින් 2018 වර්ෂයේ අ.පො.ස.
(සා.පෙළ) , අ.පො.ස. (උ.පෙළ) හොද ම ප්‍රතිඵල ලබා දෙමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු දෙනාට සරසවි වරම් ලැබීමට සුදුසුකම් ලැබී ය.
2019 වර්ෂයේ ප්‍රදේශයේ දෙමාපිය සහ දරුවන්ගේ ජීවිත වලට තර්ජනයක් වී ඈති වකුගඩු රෝගයට පිළියමක් ලෙස පිරිපහදු කළ පානීය ජල පද්ධතියක් ස්ථාපිත කිරීමට 19 වන විදුහල්පතිතුමා වන ඩී.ඒ. ඉලංගරත්න මහතා මූලික විය .2019 වර්ෂය වන විට ආචාර්ය මණ්ඩලය 35 ක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලය 05 ක් ද ශිෂය සංඛ්‍යාව 545 ක් පමණ ද විය.මෙම කාලයේ දී පාසල වටා වීදි පහන් සවිකර ගැනීමට ද හැකිවී ඈත.








