සිසු අප හද බැති …
නමදිමු විදුහල් මවුනි සදා ...//
නාච්චාදුව සිංහල මහ විදුහල් සෙවණේ
සැනසෙමු සතර ලබා
සිසු අප හද බැති …
අවිදු අදුරෙනී අප නෙත් මුදවා
නෙක විරු දැනුමින් සැම සිත් පුරවා
රට දැය නැගුමට අනාගතේ
සිහිකර එමගේ යමු මෑණියනේ...//
සිසු අප හද බැති …
ගැමුණු විජයබා පැරකුම්බාවන්
ආදි හෙලේ නෙක විරු දරුවන්
දෙස බස නැගුමට කළ සේවා
සිහිකර එමගේ යමු මෑණියනේ
සිසු අප හද බැති ...///




