නාච්චාදූව සිංහල මහා විද්යාලයේ විදුහල් මාතාව 1962 ජූලි මස 23 වන දින මෙම භූමියේ ස්ථාපිත වුව ද එහි ඉතිහාසය ඉන්න ඔබ්බට දිවෙන්නකි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුල්ම පාසල උපන්නේ එක්දහස් 1920 තරම් ඈත අතීතයකදීය එවකට එනම් 1920 දී කලුන්දෑව නම් මහතෙකු ගේ මූලිකත්වයෙන් පිදුරු සෙවිලි කළ ප්‍රාදේශීය පාඨශාලාවක් නාච්චාදූව සති පොල පැවැත්වෙන ස්ථානයේ තිබූ බව පැරැන්නෝ කියති
ඉනික්බිතිව එකී පාසල වර්තමානයේ නාච්චාදූව ග්‍රාමීය රෝහල පිහිටි ස්ථානයට ගෙන වුත් සිංහල සහ දෙමළ ද්විභාෂා පාසලක් ලෙස ආරම්භ කෙරිණි. මොහිදීන් නම් මහතෙක් සහ පොන්නයියා නම් මහතෙක් එහි ප්‍රධානත්වය දැරූහ පසු කලෙකදී සිංහල හා දෙමළ වෙනම පාසල් දෙකක අවශ්‍යතාවය මතුවිය.
අනුරාධපුර ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගේ ආරාධනයෙන් කලාවැව මැතිවරණ ආසන නියෝජිත ආර්. බී. රත්නමලල සහ කටුගම්පොල ආසන නියෝජිත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 1962 ජූලි විසි එක් වන දින පාසල් මුල් ගල් ගොඩනැඟිල්ල විවෘත කර 1962 ජූලි 23 වන දින මෙම පාසල අරඹා ඇත.
ලොග් සටහනට අනුව එහි සමාරම්භක විදුහල්පති භූමිකාව ජී ආරිියබන්දු මහතා විසින් හෙබවූ බව සඳහන් වේ ලොග් සටහන් ප්‍රකාරව දිළිඳු ආරම්භයක් ලත් පාසල ළමා පුටු 23ක් බාලාංශ මේස 25 ක් බංකු තුනක් ළමා ලියන මේස 18 ක් කළු ලෑලි දෙකක් ගුරු මේස එකක් සහිත වූයේය සමාරම්භක ගුරුභූමිකාව කලුන්දෑව මහතාට හිමි වූ අතර එම වර්ෂයේම නොවැම්බර් මාසය වන විට ගුරු මණ්ඩලය හයක් දක්වා වර්ධනය විය කුමාරිහාමි මහත්මිය උක්කු බණ්ඩා මහතා සහ සරත් සේනානායක මහතා ඒ අතර වූහ 8 ශ්‍රේණිය දක්වා වර්ධනය වූ පන්ති තුළ ශිෂ්‍ය ගහනය 35 සිට 229 දක්වාම වර්ධනය විය
1965 වන විට ළමුන් සංඛ්‍යාව 300 දක්වාත් ආචාර්ය මණ්ඩලය 10 දක්වාත් පන්ති ප්‍රමාණය අ.පො.ස (සා/පෙල) දක්වාත් වර්ධනය විය. පාසලට දෙවන ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ලැබීම ඒකනායක විදුහල්පතිතුමාගේ කාලයේදී සිදුවිය.
1978 පමණ වන විට තුන්වන ගොඩනැගිල්ලක්ද ළමුන් සංඛ්‍යාව 500 ඉක්මවා ද පාසල මිහින්තලා ආසනයේ හොඳම විද්‍යාලය ලෙස ද උතුරු මැද පළාත තුල බුහුමන් ලැබිය.
1987 වර්ෂයේ අපොස (උසස් පෙළ) කලා විෂය ධාරාවෙන් පන්ති ආරම්භ වීය. 1999 තෙක් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් වූ මෙම විද්‍යාලය 1999 ජූලි මස සිට අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් නාච්චාදූව අධ්‍යාපන කොට්ඨාශයට පවරන ලදී.
වර්ෂ 2001 පමණ වන විට විවිධ අංශයන්ගෙන් කුසලතා දක්වන සිසු පිරිසකට දයාබර මවක් වීමට නාච්චාදූව සිංහල මහා විද්‍යාලය සමත් වූවා ය.2005 වර්ෂයේ පරිගණක විද්‍යාගාරයක් ලැබීමෙන් විදුහල් මෑණිය තව තවත් පෝෂණය වූවා ය.වර්තමානය වන විට එනම් 2019 වර්ෂයේ දී අ / නාච්චාදූව සිංහල මහා විද්‍යාලය සුවිශේෂතා රාශියක් සමග පළාතේ අනෙක් බොහෝ පාසල් පරයමින් ඉදිරියට යමින් 2018 වර්ෂයේ අ.පො.ස.
(සා.පෙළ) , අ.පො.ස. (උ.පෙළ) හොද ම ප්‍රතිඵල ලබා දෙමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු දෙනාට සරසවි වරම් ලැබීමට සුදුසුකම් ලැබී ය.
2019 වර්ෂයේ ප්‍රදේශයේ දෙමාපිය සහ දරුවන්ගේ ජීවිත වලට තර්ජනයක් වී ඈති වකුගඩු රෝගයට පිළියමක් ලෙස පිරිපහදු කළ පානීය ජල පද්ධතියක් ස්ථාපිත කිරීමට 19 වන විදුහල්පතිතුමා වන ඩී.ඒ. ඉලංගරත්න මහතා මූලික විය .2019 වර්ෂය වන විට ආචාර්ය මණ්ඩලය 35 ක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලය 05 ක් ද ශිෂය සංඛ්‍යාව 545 ක් පමණ ද විය.මෙම කාලයේ දී පාසල වටා වීදි පහන් සවිකර ගැනීමට ද හැකිවී ඈත.




