නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

විදුහල්පති හමුවීම

විදුහල්පති පණිවිඩය

ඩී ඒ් ඉලංගරත්න මයා

නාච්චාදූව ගොවි ජන පදයේ නාච්චාදූව වැවට ආසන්නයේ වැව් තාවුල්ලේ පිහිටා ඇති සුන්දර පාසලකි නාච්චාදූව සිහල මහා විද්‍යාලය. පාසලේ සිලුම දරුවන්ගේ දෙමව්පියන් ගොවිතැනෙන් තම ජීවනෝපාය ඉටුකර ගනියි. ඔවුන් බොහෝ දෙනෙක් ආර්ථික මට්මෙන් ඌන උගත්කමෙන් අඩු දෙමාපිය පිරිසකි. පාසලෙන් ඉගෙන ගත් උගතුන් බොහෝ දෙනෙක් සමාජගත වීී ඇත. දේශපාලන වෛද්‍ය ඉංජිනේරු හා වෙනත් සියලුම වෘත්තීන් වලට අයත් පිරිස් මෙම පාසලෙන් බිහි වී රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

අප පාසල විවාද තරග , සංගීත තරග , ක්‍රීඩා තරග සහ  විවිධ භාෂා තරග වලින්  ජයග්‍රහණ රාශියක් අත්කරගෙන තිබේ.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියලු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ දියුණුයට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

ඩී ඒ් ඉලංගරත්න මයා
විදුහල්පති
නාච්චාදූව සිංහල මහා විද්‍යාලය.