නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

විදුහල්පති හමුවීම

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබ් ඒ් රාණි

තාක්ෂණය දිනෙන් දින ලෝකය ආක්‍රමණය කරමින් සිටී කුමන හෝ හේතුවක් සපයා ඉන් බැහැර වීමට අපට නොහැක. මන්ද සමස්ත ශිෂ්ටාචාරයම එකී තාක්ෂණික සංස්කෘතිය විසින් හසුරුවන බැවිනි. ඌන සම්පත් මැද වුවද නාච්චාදූව සිංහල මහා විද්‍යාලය නොබියව සියතාක්ෂණික මෙහෙවරට ප්‍රවිශ්ට වීම අමන්දානන්දයට හේතුවකි. අධයාපනයේ නව මාවත් සොයමින් සහ වර්තමාන පරපුරට මේ දිගුකර ඇත්තේ දෘශ්‍යමාන තාක්ෂණයේ ශක්තිමත් හස්තයයි.

නාච්චාදූව සිංහල මහා විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය  යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා සිතමි. 

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. 

නියෝජ්‍ය විදුහල්පති,

නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

ඩබ් ඒ් රාණි
නියෝජ්‍ය විදුහල්පති
නාච්චාදූව සිංහල මහා විද්‍යාලය.